අඩු ආදායම්ලාභී පවුල් වලට අලුතින්ම ලැබෙන දේ..

Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Jul 09, 2023 09:39 AM GMT
Report

කෘෂිකර්ම අමාත්‍යංශය විසින්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණින් එම පවුල් වෙත එළුවන් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

අමාත්‍යංශය සඳහන් කළේ, වසර පහක් තුළ එළුවන් 70,000ක් මෙලෙස අඩු ආදායම්ලාභි පවුල්වලට බෙදාදීම සිදුකෙරෙන බවයි.

 එම වැඩසටහන අද (9) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් රන්න, වාඩිගල ප්‍රදේශයෙන් ආරම්භ විය.

මෙහි දී එක් පවුලකට එළුවන් තිදෙනෙකු බැගින් හිමි වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මාන 07 සඳහා එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන එළුවන් බෙදා දීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.