ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

Sri Lanka Litro Gas LAUGFS Gas PLC Laugfs Gas Price
By Sewvandhi Aug 04, 2023 10:47 AM GMT
Report

අද(4) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලාෆ්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා ප්‍රකාශ කළේ, ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බවයි.

ඒ අනුව පෙර පැවති අයුරින් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 3690කටත් කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය 1476ක මිලටත් අගෝස්තු මාසයේදීද ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා. එනම්, ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිලින්ඩර මිල අද සංශෝධනය කිරීමට නියමිතව තිබන බව ඊයේ දැනුම් දෙනු ලැබුවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ ඉඟි කළේ, ගෝලීය වශයෙන් ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවයි.

සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි.ඒ අනුව මෙම මිල වැඩිවීම දේශීය වෙළෙඳපොළට ද බලපානු ඇතැයි සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළා.

එහි සභාපති මුදිත පීරිස් මහතා ඊයේ පැවසුවේ, ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් සඳහා නව මිල අද ප්‍රකාශයට පත් කරන බවයි. කෙසේවෙතත් ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද ප්‍රකාශ කළේ. ගෑස් මිල සූත්‍රය මත පදනම්ව ලිට්‍රෝ ගෑස් මිල මාසිකව සංශෝධනය කෙරේ.