ලාෆ් මිල ලිට්රෝ මිලට සමාන නොකලොත් නඩු..!
Sri Lanka
LAUGFS Gas PLC
Litro Gas Price
Laugfs Gas Price
Nalin Fernando
By Sewvandhi
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්, ලාෆ් ගෑස් මිලද ලිට්රෝ මිලට සමාන වන පරිදි මිල සූත්‍රයක් සකස් කරන්නැයි එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.
ඒ අදාළ සමාගම් දෙක ගෙන්වා ඒ සදහා සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවයි.
එමෙන්ම, තිරිගු පිටි මිල රුපියල් 40කින් අඩු විය යුතු බවට තමන් අපේක්ෂා කරන බවද වෙළඳ අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
මේ අතර, ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, මෙය, දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බවයි.
ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.