ලෝකයම හඬවමින් ප්‍රවීණ ගීත කෝකිලාවියක් ජීවන ගමනට සමුදෙයි.

Indian Music Latha mangeshkar
By Aruna Feb 06, 2022 04:57 AM GMT
Report

භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී යි ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඉන්දීය සිනමාවේ සංගීත ක්ෂේත්‍රය ම සිය සුමධුර හඬින් දිග්විජයක් බවට පත් කළ මංගෙෂ්කාර් රෝහල්ගත කරනු ලැබුවේ කොවිඩ් 19 රෝගය ආසාදන වීම හේතුවෙන්.

සති දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, ඊයේ (05) පස්වරුවේ දැඩි සත්කාර ඒකකයේ සිටියදී ම තත්ත්වය ඇයගේ බරපතළ වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඇය අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියෙහි පසුවූවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now