වසරක වාර්තාවක් දින 26කින් බිඳ හෙළයි. - අධිවේගයේ සිදු වන මරණ ගැන එළියට ආ අලුත්ම වාර්තාව.

Sri Lanka Police Accident Death Highways In Sri Lanka
By Wayomi Jan 28, 2024 11:36 AM GMT
Report

අධිවේගී මාර්ගය ආරම්භයේ සිට මේ දක්වා ම සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 79 දෙනෙකු ජීවිතක්ෂයටපත්ව තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ දත්ත වලට අනුව 2011 වසරේදී අධිවේගී මාර්ගවල ගමනාගමන කටයුතු ආරම්භ වූ අතර ආරම්භක වසරේදී කිසිදු මාරක රිය අනතුරක් වාර්තා වී නැහැ.

තවත් වාහන අනතුරක් - වාහන ගමනාගමනයත් සීමා වෙයි.. මේ දැන් රියදුරන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න.

තවත් වාහන අනතුරක් - වාහන ගමනාගමනයත් සීමා වෙයි.. මේ දැන් රියදුරන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න.


කෙසේ වෙතත් ගතවුණු වසරේ පමණක් අධිවේගී මාර්ගවල සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ වසරේ ගෙවුණු දින 26 තුළ පමණක් සිදු වූ රිය අනතුරුවලින් අධිවේගී මාර්ගයේදී පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සනත් නිශාන්ත මියගිය අනතුර ගැන පළමු වරට රියදුරු හෙළිකළ දේ..මැරෙන්න කලින් සනත් මැරෙන බවත් කියවල..

සනත් නිශාන්ත මියගිය අනතුර ගැන පළමු වරට රියදුරු හෙළිකළ දේ..මැරෙන්න කලින් සනත් මැරෙන බවත් කියවල..


2011 වර්ෂයේ සිට වාර්තා වූ මාරක රිය අනතුරුවලින් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2022 වසරේදීයි.

එම වසරේ රිය අනතුරු මරණ 14ක් සිදුවී ඇති අතර ආරම්භක අවධියේ සිට අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 88 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. 

                                                                                   Sponsored By Sarrita Jewellery 

වසරක වාර්තාවක් දින 26කින් බිඳ හෙළයි. - අධිවේගයේ සිදු වන මරණ ගැන එළියට ආ අලුත්ම වාර්තාව. | Latest Report On Highway Deaths