මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාරයේදී අවසන් ගෞරව

Negombo Prison Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 08, 2026 08:47 AM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ නිසල දේහවලට අවසන් ගෞරව දැක්වීම අද (08) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ශ්වේත ශෝක ධජ මධ්‍යයෙන් දේහ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ආ අතර, මියගිය නිලධාරීන්ගේ ඥාතීන්, සමීපතමයන් සහ ඔවුන් සමඟ රාජකාරි කළ බන්ධනාගාර නිලධාරීන් දැඩි සංවේගයෙන් අවසන් ගෞරව පුද කළහ.

අනතුරුව දේහ පවුලේ ඥාතීන් වෙත භාරදෙනු ලැබූ අතර, අවසන් කටයුතු සඳහා රැගෙන යනු ලැබීය.

මෙලෙස දිවි පිදූවන් අතර පළමු පෙළ ජේලර් එස්.එස්.ජී. චන්ද්‍රවංශ මහතා සහ ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ සැරයන්වරුන් වන ආර්.පී.ආර්. සංජීව, ටී.එන්.ආර්. තිලකසිරි, ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර, එස්.ඩී.එස්. අබේවර්ධන, බී.එන්.එන්. තරංග සහ ඒ.ඩී. තරංග යන මහත්වරුන් වෙති.

මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ද එක්ව මියගිය නිලධාරීන්ට අවසන් ගෞරව පුද කළේය.