6න් 5ක්ම මිය ගිහින් . -ඉතිරි ධීවරයා බේර ගන්න ලොකු සටනක්. - 5 දෙනාගේ මළසිරුරු අරන් යයි.

Sri Lanka Sri Lanka Fisherman Death
By Wayomi Jun 30, 2024 12:19 PM GMT
Report

ජාත්‍යන්තර මුහුදේ අසාධ්‍යව සිටි ධීවරයන් 6 දෙනාගෙන් 5 දෙනකු මියගොස් ඇති අතර අනෙක් ධීවරයා බේරාගැනීම සදහා නාවික හමුදාවේ වෛද්‍යවරයකු ඇතුළු සිංගප්පූරු නැවක නාවික පිරිසක් උත්සාහයේ යෙදී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළා.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


ධීවරයන් 6 දෙනකු රැගත් “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාව තංගල්ල වරායෙන් ධීවර කටයුතු සදහා ඉකුත් 4 වැනිදා පිටත්ව ඇත.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.


ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් තංගල්ල වරායේ සිට කිලෝමීටර් 675 ක් පමණ වූ ජාත්‍යන්තර ගැඹුරු මුහුද ගමන් කර තිබූ අතර එහිදී මුහුදේ පාවී ආ මත්පැන්වලට සමාන බෝතලයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබූ අතර එහිදී බහුදින යාත්‍රාවේ යාත්‍රා පාලක එම දියර වර්ගය පානය කිරීමෙන් අනතුරුව සුළු මොහොතකින් මියගොස් තිබුනා.

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)

අඩේ ඒ මොකක්ද ඒ රියදුරාට වුණේ.? - අතරමඟ දුම්රිය නවතා පලා යද්දී මඟීන් පස්සෙන් දුවන් ගිහින් අල්ලාගත්ත හැටි.. - (VIDEO)


ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් නාවික හමුදා මූලස්ථානයට පණිවුඩයක් ලබාදී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව පෙරේදා (29) එම බහුදින යාත්‍රව තිබෙන මුහුදු ප්‍රදේශයට විජයබාහු නෞකාව පිටත්කර යවා ඇති බවත් ඊයේ (30) සවස වනවිට එම අසාධ්‍ය ධීවරයා විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එකපාරටම මොකද මේ වුණේ? - ඉන්දීය ක්‍රිකට් පිටිය දෙවනක් කළ සුපිරි බුලට් 3ක් එක්වරම පිටියට සමුදෙයි.

එකපාරටම මොකද මේ වුණේ? - ඉන්දීය ක්‍රිකට් පිටිය දෙවනක් කළ සුපිරි බුලට් 3ක් එක්වරම පිටියට සමුදෙයි.


එමෙන්ම “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයන් 5 දෙනාගේ මෘත දේහ ද විජයබාහු නෞකාව මගින් රැගෙන ඒමට නියමිත බවද කපිතාන් ගයාන් වික්‍රමසූරිය කියා සිටියා..


Gallery