ලංකා IOC සමාගම මෙරට ඉතිහාසයේ ඉහළම වාර්තාව තබයි..මාස 03ක් තුළ සිදුවූ දේ..
Fuel Price In Sri Lanka
Sri Lanka
Lanka IOC
By Aruna
මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව සඳහා රු. බිලියන 12.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබෙනවා.
මෙම කාර්තුව තුළ සමාගමේ ආදායම රු. බිලියන 87.96 ක් ලෙසින් සටහන් ව ඇත.
මේ අනුව 2022/23 මූල්‍ය වර්ෂයේ පළමු භාගය එනම් 2022 අප්‍රේල් - සැප්තැම්බර් මාස 06 ක කාලපරිච්ඡේදය සඳහා රු. බිලියන 22.28 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC පීඑල්සී සමත්ව ඇත.
මෙය ලංකා IOC සමාගම මෙතෙක් ඉතිහාසයේ වාර්තා කර ඇති ඉහළම ශුද්ධ ලාභ අගය වේ.
ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |