පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක හතරකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අවදානම් නිවේදනයක්..

Sri Lanka Landslide In Sri Lanka
By krishani Dec 25, 2022 04:18 AM GMT
Report

පවතින වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතරකට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.

අද (24) පෙරවරු 7.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයෑම් අවදානම නිකුත් කර ඇත්තේ.

එම දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join