දිස්ත්‍රික්ක කිහිපයක් සදහා අවධානම් තත්ත්වයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Sep 28, 2023 09:06 AM GMT
Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්, පවතින අධික වැසි තත්ත්වයත් සමග මීට පෙර නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 7කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන අතරින් දිස්ත්‍රික්ක 5 ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසන්නේ, ගංගා කිහිපයක ජල මට්ටම ඉහළයමින් පවතින බවයි.

ඒ අනුව නිල්වලා ගඟේ ජල මට්ටම සහ ගිං ගඟේ ජල මට්ටම මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

කෙසේ වෙතත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බවය.

එම නිවේදන පහතින්....

GalleryGallery