දිස්ත්‍රික්ක 5කට ඇම්බර් වර්ණයෙන් යුතු අවධානම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කෙරේ..!

Sri Lanka Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Sep 07, 2023 03:14 PM GMT
Report

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ඇම්බර් වර්ණයෙන් යුතු අවධානම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මෙම නිවේදනය මගින් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, ඇහැළියගොඩ සහ කලවාන ප්‍රදේශවලට මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම සිදුකර ඇත.

එසේම කළුතර දිත්රික්කයේ ඉංගිරිය ප්‍රදේශයටද මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

එසේම කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයකටද කෑගල්ල, මහනුවර ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ද කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, බද්දේගම සහ ඇල්පිටිය ප්‍රදේශවලටද කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලට මෙලෙස කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රදේශයට ද කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවලටද මෙලෙස කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ අයගම, ඇලපාත, කොලොන්න, පැල්මඩුල්ල, කහවත්ත, කිරිඇල්ල, ගොඩකවෙල සහ නිවිතිගල ප්‍රදේශවලටය.

මෙම අනතුරු ඇඟවීම අද (07) පස්වරු 4 සිට හෙට (08) පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.