දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ රතු අනතුරු ඇඟවීම් පහළට

Landslide In Sri Lanka Weather Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 05, 2026 08:30 AM GMT
Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිකුත් කර තිබූ නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (05) යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව, මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාම් රතු මට්ටමේ අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත.

කෙසේ වෙතත්, අද (05) පෙරවරු 9.00 සිට හෙට (06) පෙරවරු 9.00 දක්වා වලංගු වන පරිදි ප්‍රදේශ කිහිපයකට ඇම්බර් (මට්ටම 2 – "අවදානයෙන් සිටින්න") සහ කහ (මට්ටම 1 – "විමසිලිමත් වන්න") මට්ටමේ නායයාම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඇම්බර් මට්ටමේ අනතුරු ඇඟවීම් මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති අතර, කහ මට්ටමේ අනතුරු ඇඟවීම් කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ සඳහා බලපැවැත්වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවදානම් ප්‍රදේශවල ජනතාවට නායයාම්වල පූර්ව ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, අදාළ බලධාරීන්ගේ උපදෙස් අනුගමනය කරන ලෙසත් දැනුම් දී තිබේ.