ඉතා බිහිසුණු නායයෑමක් - වෙළදසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි

Badulla Climate Change Landslide In Sri Lanka Weather
By Sewvandhi Dec 15, 2023 01:40 PM GMT
Report

අද (15) දහවල් හාලිඇළ නගරයේ නාය යෑමක් සිදු වී තිබේ. හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති බව වාර්තා වේ.

එනම් මෙහිදී, පස් කන්ද කඩා වැටීමෙන් ඒ අසල තිබුණු කුඩා වෙළෙඳසල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර, වෙළෙඳසලේ සිටි වෙළෙඳුන් දෙදෙනා එළියට පැන බේරී ඇති බව වාර්තා වනවා.

ඉතා බිහිසුණු නායයෑමක් - වෙළදසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි | Landslide Haliela Sri Lanka

මාර්ගයට ද විශාල ගල් දෙකක් පෙරළී ඇති අතර, එම අවස්ථවේ පදික වේදිකාව තුළ කිසිවෙකු නොසිටි නිසා විශාල අනතුරක් වැළකී ගොස් තිබේ.

අනතුරත් සමඟ නාය යාමේ අවදානමට ලක් වූ තවත් වෙළෙඳසල් පහක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ වන විට හාලිඇල පොලීසිය සහ අදාළ බලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.