ලලිත් කොතලාවල ගේ මරණය ගැන එළියට ආ ආන්දෝලනාත්මක හෙලිදරව්ව..ඝාතනයක්ද..?

Sri Lanka Crime
By Sewvandhi Nov 03, 2023 03:41 PM GMT
Report

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ගේ මරණය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.

නමුත් එම මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවාදැක්වීමට කොතලාවල මහතා ගේ නිතීඥවරු ඇතුළු කිහිප දෙනෙකු කුමන්ත්‍රණය කර ඇති බවයි, සෙලින්කෝ තැන්පත්කරුවන් ගේ සංගමයේ සභාපති ජූඩ් මාකෝ පෙරේරා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (03) ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ.

ජූඩ් මාකෝ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එම පිරිස්, කොතලාවල මහතා බිරිඳ සමඟ ජීවත් වූ නිවසින් ඔහු ඉවත් කොට කොළඹ ෆොන්සේකා මවතේ පිහිටි ඔහු ගේ කාර්යාලය වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් වාතාශ්‍රය පවා නොලැබෙන කාමරයක රඳවා සිටි බවයි.

ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, එම කාලය තුළ දී කොතලාවල මහතාට නිවිතිය මිශ්‍ර සුප් වර්ගයක් සහ තැඹිලි වතුර විටින් විට පානය කිරීමට සලස්වා ඇති බවයි.

මෙම සියලු අනීතික ක්‍රියා සිදු කොට ඇත්තේ, ලලිත් කොතලාවල මහතා අනාථ නිවාසයකට යොමු කරන බවට තර්ජනය කරමින් බව ද සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.