සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල තුන්පාරක්ම මැරිලා. - පරීක්ෂණයක් ඉල්ලයි.

Sri Lanka Police Death
By Wayomi Jun 11, 2024 03:58 AM GMT
Report

හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව තිබෙනවා.

ඒ, හේතුවෙන් මරණය සම්බන්ධව තවදුරටත් සැක සහිත බැවින් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.

මේ දින වල විකිණෙන කුකුල් මස් ගැන බරපතල හෙළිදරව්වක්. - විෂ නැති කුකුල් මස් හොයාගන්න හැටි මෙන්න. - දැනුම් දෙන්න අංකයකුත්.


කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ ලේඛන පරීක්ෂා කිරීමේදී මරණයට පත් වූ වේලාවන් තුනක් සටහන්ව ඇති බවට පෙනී යන බවද,පොලිසිය කළ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තවදුරටත් විමර්ශන කිරීමට නියෝග කරන ලෙසද හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එමෙන්ම පොලිසිය විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් පොලිස්පතිවරයාට පැමිණිලි කළ හැකි බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.

T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.

T 20 ලෝක කුසලානය අතරතුර හදිසියේම ගැසට් නිවේදනයක්? - ක්‍රිකට් පරිපාලන නිලධාරීන් ගැන ගත් තීරණය මෙන්න.


එම අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ තැන්පත්කාර ජුඩ් මාර්කෝ පෙරේරා කියා සිටියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මරණ පරීක්ෂණ සටහන් අනුව මධ්‍යම රාත්‍රී 00.58 ට කොතලාවල මියගිය බවට සටහන් වුවද පොලිස් වාර්තාවේ මරණය සිදුවූ වේලාව උදෑසන 3.55 ලෙස සටහන් කර ඇති බවයි.

මේ අතර තවත් අධිකරණ ලේඛනයක වෙනත් වේලාවක් සටහන් කර ඇති බවද ඔහු සඳහන් කළා.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.