ලයනල් මෙසී යළි හදිසි තීරණයක් ගනී..

Football
By Aruna Dec 19, 2022 07:19 AM GMT
Report

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

තමන්ට ලෝක ශුරයකු ලෙස තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව මෙසී ආර්ජන්ටිනාවේ මාධ්‍ය වෙත පවසා ඇත. ‍

තමන් පාපන්දු ක්‍රීඩකයකුට ලබා ගත හැකි සෑම කුසලානයක්ම ලබා ගත් බවත් අඩුව තිබූ ලෝක කුසලානයද අවසානයේ දිනාගත් බවත් මෙසී ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මෙය තමන්ගේ අවසාන ලෝක කුසලානය වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඔහු අඩිඩාස් ගෝල්ඩන් බෝල් සම්මානයද දිනා ගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now