"මරනවානම් මරණ හැටිත් අපි දන්නවා" ළහිරු ට පහරදීමක්...

Sri Lanka Police Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Sep 10, 2022 03:12 PM GMT
Report

පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිදුවු පහරදීමක් නිසා ළහිරු වීරසේකරව අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබුණු බව වාර්තා විය. පසුව ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

කෙසේවෙතත් මේ වනවිට ළහිරු වීරසේකරට ඇප නියම කර තිබේ. අරගලකරුවන් ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් ඉටිපන්දම් දැල්වීමක් සිදුකර තිබුණි.

එම සැමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේය.

ළහිරු වීරසේකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිළධාරීන් විසින් ඔහුට තර්ජනය කර පහර දීමකට සමාන ක්‍රියාවක් සිදුකර ඇති බව ඔහුගේ නීතිඥයන් පවසනවා. ඒ අනුව ”මරනවානම් මරණ හැටිත් අපි දන්නවා” යනුවෙන් පොලිස් නිළධාරීන් ප්‍රකාශ කර ඇති අතර ළහිරු වීරසේකරගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා හිරිහැර කිරීමක්ද සිදුකර ඇති බවයි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා ප්‍රකාශ කරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ, "අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ළහිරු වීරසේකරට පහරදීමක් සිදුවෙලා තියෙනවා. අපි මානව හිමිකම් එකට පැමිණිලි කළා. ඒ ගැන පොලීසියෙන් කරුණු විමසමින් යනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now