අද මේ ලග්න වලට හදිසි ලාභ ලැබෙන දිනයක්..තවත් කිහිපයකට අධික වියදම් යෙදේ..

Horoscope Astrology Lagna Palapala Jothishya Lagna
By Aruna Jan 22, 2024 11:29 PM GMT
Report

⭕ මේෂ ලග්නය

ශුභා ශුභ මිශ්‍ර ඵලදෙයි. අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවන අතර රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. බුද්ධිය මෙහෙයවා ක්‍රියා කළ යුතු අතර හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

⭕ වෘෂභ ලග්නය

රාජකාරි බහුල වෙයි. සතුරු බලපෑම් මතු කරයි. ඉතා ඉවසීමෙන් තැනට සුදුසු නුවනින් ක්‍රියා කළ යුතු දිනකි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. සන්ධි රෝග ආමාශගත රෝග සාදයි.

⭕ මිථුන ලග්නය

දුරදිග බලා ක්‍රියාවේ යෙදිය යුතු රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. තරමක් වගකීම් බහුල වෙයි. බුද්ධිය මෙහෙයවා ක්‍රියා කළ යුතු ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. වාතාධික රෝග ඉදිමුම් රෝග දෙයි.

⭕ කටක ලග්නය

රැකියා ස්ථානවල රාජකාරි ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන දිනකි. පරාර්ථයෙන් ක්‍රියා කරයි. තරමක් වැය පස ද ඉහළ යයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. හදිසි වාසනා ලාභ ලබයි. සිරසගත රෝග මතුවෙයි.

⭕ සිංහ ලග්නය

ශුභාශුභ ඵල දෙයි. කෙටි ගමන්වල යෙදන අතර, අවිවේකය මත තරමක් ආවේගශිලී ගති ඉස්මතු කරයි. ඉවසීමෙන් දවස ක්‍රියාකළ යුතු සතුරු බලපෑම් එල්ල වීමට ද හේතු වේ. සෙම් ආසාදන රෝග මතු කෙරේ.

⭕ කන්‍යා ලග්නය

ශුභා ශුභ ඵල දෙයි. ක්‍රියාශීලී දිනකි. සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. තම රාජකාරි එදිනෙදා ක්‍රියාකාරකම් ආදියෙහි උනන්දුවෙන් යෙදෙන අතර තම ළඟම ඥාතීන් උදෙසා වැය පසද ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි.

⭕ තුලා ලග්නය

තරමක් පොදු රාජකාරි බහුල දිනකි. මනසට වධ දෙන ප්‍රශ්න ද මතු කරයි. වැය පසද ඉහළ යයි. කලකිරීම් මත දවස ගෙවයි. ව්‍යාපාරවල තරමක වර්ධනයට හේතු සාදයි. යටපත්ව තිබූ රෝග මතුවෙයි.

⭕ වෘශ්චික ලග්නය

ශුභාශුභ ඵල මතු කරයි. තම ක්‍රියාකාරකම්වලදී කැපී පෙනෙයි. පරෝපකාරීව දවස ක්‍රියාකරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. සුළුවෙන් හෝ හදිසි ධන වාසනා ලාභ ලබයි. සෙම් ආසාදන රෝග මතුවෙයි.

⭕ ධනු ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. දවස තුළ ක්‍රියාකාරකම්වල යෙදේ. දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන් වෙනුවෙන් වැය පස ඉහළ යයි. පැවති සෙම් රෝග වර්ධනයට හේතුයි.

⭕ මකර ලග්නය

ශුභා ශුභ ඵල මතු කරයි. තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වෙයි. තම ළඟම ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැය කරයි. නවක මිතුදම් ඇතිවන දිනකි. පාදවල පැවති රෝග තවදුරටත් වර්ධනය වෙයි.

⭕ කුම්භ ලග්නය

ශුභවාදී ඵල දෙයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. යටපත්ව තිබූ ණය ගනුදෙනුවක් තමනට වාසි ලෙස විසඳේ. ව්‍යාපාරවලින් විසඳෙයි. කොන්දේ වාත කටීවාත වැනි රෝගවලට හේතුයි.

⭕ මීන ලග්නය

ශුභාශුභ මිශ්‍ර ඵල මතුකරයි. කෙටි ගමන් බිමන් වැනි දේට ශුභයි. තම වෙළෙහෙළදාම්වලින් ජය දෙයි. රාජකාරිවලින් පුරුදු ලෙස යුතුකම් ඉටු කරයි. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙයි. මූල රෝග වැනි රෝගවලට හේතුයි.

Sponsored By Sarrita Jewellery

අද මේ ලග්න වලට හදිසි ලාභ ලැබෙන දිනයක්..තවත් කිහිපයකට අධික වියදම් යෙදේ.. | Lagna Palapala 2024 01 23