අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් හමුවෙයි
Galle
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sithumi
අභිරහස් ලෙස මියගිය මියගිය කාන්තාවකගේ මළ සිරුරක් වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ විසි නව හැවිරිදි දෙදරු මවක් බවයි පොලීසිය සදහන් කරන්නේ.
පළමු විවාහයෙන් වෙන් ව සිටින මෙම කාන්තාව දෙවන විවාහයේ සැමියා සමඟ එම නිවසේ ජීවත් වූ බවයි වාර්තා වන්නේ .
පෙරේදා රාත්‍රී නිවසේ විදුලි පහන් දල්වා නොතිබූ බැවින් ඇයගේ මව නිවසට ගොස් විපරම් කර බැලීමේදී ඉදිරිපස දොරට ඉබ්බෙක් දමා තිබී ඇති බව ත් පසුව එය ඉවත් කර දොර හැර බලන විට දියණියගේ සිරුර ඇඳ මත තිබෙනු දැක ඇති බවත් ය.
මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, අදාළ කාන්තාවගේ දෙවන විවාහක සැමියා දින කිහිපයක සිට අතුරුදන් බවයි. පළමු විවාහයේ දරුවන් දෙදෙනා ඒ අසල පිහිටි මියගිය කාන්තාවගේ මව්පියන් ජීවත් වන නිවසේ වාසය කර ඇති බව ද අප වාර්තාකරු පැවසී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |