විචිත්‍රවත් සහ හුරුබුහුටි පෙනුමැති කුරුමිණි ආර්යාව.

By Wayomi Sep 09, 2022 12:20 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

Lady bug කියන්නේ විචිත්‍රවත් සහ හුරුබුහුටි පෙනුමකින් යුත් අපූරු කෘමින් විශේෂයක් ඉස්සර නම් මොවුන් නිවෙස් අවට ශාක මත නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. නමුත් දැන්ම වැඩිය දකින්න නොලැබෙන අතර බොහෝ විට කෘමි නාශක ඊට හේතු වෙන්න ඇති. ඉතින් මේ කියන්න යන්නේ ඇත්තටම මේ Lady bug ලා වගාවන්ට ඒ තරමටම අහිතකරද? නැද්ද කියන කාරණය ගැනයි.

🐞 ශාකවලට වැලදෙන රෝග පිළිබද අවධානයෙන් සිටින විට පෙනෙන්නට ඇති සෑම කෘමි - දිලීර, පුස් තත්ත්වයක්ම ශාකයට අනතුරක් විදිහටයි දකින්නේ.

🐞 ඒ නිසා ඔවුන් උද්යානයෙන් ඈත් කර තබන්නටයි අප බොහෝ විට උත්සාහ කරන්නේ.

🐞 නමුත් සෑම කෘමියෙක්ම දිලීරයක්ම බැක්ටීරියාවක්ම අහිතකර වූවන් නොවන බව අප දැනගත යුතුයි.

🐞 ‘Coccinellidae’ යන විද්යාත්මක නමින් හදුන්වන ‘‘Lady bug‘‘ ලෙස පොදු ව්‍යවහාරයේ හදුන්වන දිලිසෙන රත් සහ කළු වර්ණිත කුඩා පියාපත් යුගලක් සහිත ගෝලාකාර හැඩැති සිරුරක් හිමි මේ පුංචි කෘමියා ගෙවත්තට හිතවතෙක් බව උද්‍යාන පරිසරයට ඇලුම් කරන බව මතක තබාගත යුතුයි.

🐞 ලොව පුරා විවිධ ‘ලේඩි බග්’ විශේෂ 5,000 ක් පමණ වෙසෙන බව ගණන් බලා ඇත. අනෙකුත් කෘමීන් අතරින් සිත්ඇදගන්නා සුළු ස්වරෑපයක් හිමි මේ හිතවතා මිනිසුන්ට හානියක් නොවන අතර ගොවීන්ගේ ආදරයට පාත්‍ර වෙනවා.

🐞 ඒ , සිය ගොවිබිමේ ශාක අනුභව කරන මයිටාවන්, කුඩිත්තන් සහ වෙනත් පළිබෝධකයන් ආහාරය කරගන්නා නිසායි. එක් Lady bug කෙනෙක් සිය වසර දෙකක් හො තුනක් පමණ වන කෙටි ජීවිත කාලය තුළ කෘමීන් 5,000 ක් පමණ ආහාරයට ගත හැකි බව විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.


Lady bug ලෙස ඔවුන් හදුන්වන්නේ ඇයි?

🐞 අතීතයේදී යුරෝපීය ගොවීන් විසින් මෙම නම භාවිතා කරන ලදී. සිය භෝග වගාවේ මල් පීදී ඵලදාව ටිකින් ටික මතු වෙද්දී පළිබෝධ හානියද ටිකෙන් ටික වගාව වෙත පැමිණෙයි.

🐞 ඒ සමගම මේ අපූරැ කෘමියා සිය ආහාර සොයා වගා බිම් වෙත පැමිණීම නිරන්තරයෙන්ම සිදුවන බව නොදත් ගොවීන් ‘මරියතුමිය’ වෙත සිය කන්නලව්ව ඉදිරිපත් කරයි.

🐞 පසුව ‘ලේඩි බග්ස්’ පැමිණ ආක්රමණික කෘමීන් අතුගා දැමූ පසු ගොවීන් සිතනුයේ එය සිය දුක්ගැනවිල්ලට සවන්දුන් මරියතුමියගේ හාස්කමක් ලෙසයි.

🐞 එබැවින් "අපේ ආර්යාවගේ කුරුමිණියා" ලෙස ඔවුන්ව ගොවීහු නම් කරන්න වූහ. මෙය අවසානයේදී "ලේඩි කුරුමිණියා"- කෙටි කොට "Lady bug" ලෙස හදුන්වන්නට විය.


ඔවුන්ට හිතකර ලෙස පරිසරයක් උද්‍යානය තුළ තිබේද?

🐞 තරමක උණුසුම් තත්ත්වයකට ඇලුම් කරන "Lady bug" විවිධත්වයෙන් යුතු ශාක ව්‍යාප්තියක් උද්‍යානය තුළ පවතී නම් ඒ වෙත ආකර්ෂණය වීම නිතැතින් සිදුවන්නකි.

🐞 ඔවුන් බොහෝ කෘමි නාශක වර්ග කෙරෙහි සංවේදී වනවා පමණක් නොව, ඔවුන්ගේ ආහාර ප්‍රභවයන් වැඩි ප්‍රමාණයක් ඉන් නැති වී යන අතර සිය ප්‍රජනන කාර්යයට අවශ්‍ය වටපිටාවද විනාශයට ලක්වෙයි.

🐞 කෙසේ නමුත් ලේඩි බග් සදහා ප්රමාණවත් ආහාර සංචිතයක් ඇති කිරීමට කූඩිත්තන් මයිටාවන් ප්‍රමුඛ කෘමීන් ශාක මත ව්‍යාප්ත වීමට ඉඩ දීම ප්‍රයෝගික නොවන තත්ත්වයකි. තමන්ට අවශ්‍ය ආහාර ප්‍රභවයන් යම් තැනක පවතීද ඒ වෙත ආකර්ෂණය වීම ඔවුන් තුළ ඉබේ හට ගන්නා සංවේදනයක් බවද මෙහිදී මතක තබාගැනීම වැදගත්ය.

🐞 ඔවුන් ඇදී එන උද්යාන ස්වභාවය තුළ නීරෝගීමත් තණපලසක් පැවතීම, විවිධ වර්ණයන්ගෙන් යුතු මල් පිපෙන ශාක පැවතීම, විශේෂයෙන් කොත්තමල්ලි සහ වෙනත් පරාග සහිත මල් සහ ඖෂධ පැළෑටි ව්යාප්තියක් ඇත්නම් ඒ වෙත පැමිණීමට ඔවුන් වැඩි පෙළඹුමක් දක්වයි.

🐞 අහිතකර පළිබෝධකයන් අනුභවය පමණක් නොව මලින් මලට ගොස් පාදයන්ගේ සහ පිහාටු මත තවරගන්නා පරාග තවත් මලක් වෙත ගෙන යාමට හැකි පරාග වාහකයෙක්ද වීම සතුටට කරැණකි.

🐞 අප බොහොසේ දකින්නේ Asian lady beetle (Harmonia axyridis) නම් වර්ගයයි.

🐞 ඔවුන් රතු- කළු හෝ තැබිලි - කළු වර්ණිතයි.

🐞 මෙහිදී අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ උද්‍යා භූමිය තුළින් ඉවත් කරන්නට යෙදෙන පළිබෝධකයින් පරිසරයට හිතකර ද නැද්ද යන්න පිළිබද වූ අවබෝධය අප තුළ පැවතීම උද්‍යානයට පමණක් නොව සමස්ත පරිසරයේ පැවැත්මටම වැදගත් වූවක් බවයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW