මෙරට කම්කරු නීතිය වෙනස් වෙන්න යයි

Latest Headlines Sinhala news Puwath.lk Ministry of Labour
By R.rishma Nov 25, 2026 01:45 PM GMT
Report

ශ්‍රී ලංකාවේ කම්කරු නීති පද්ධතිය නවීකරණය කිරීම සඳහා යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීමේ වැඩසටහනක් කම්කරු අමාත්‍යාංශය සංවිධානය කර තිබේ.

ඒ අනුව, මෙම වැඩසටහන 2026 නොවැම්බර් 29 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 1.00 දක්වා මහනුවර මධ්‍යම කලාප නියෝජ්‍ය කම්කරු කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

සේවා යෝජකයන්, සේවකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට නව කම්කරු නීති පිළිබඳ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව හිමි වේ.

වැඩසටහනට සහභාගී වීමට කැමති පාර්ශ්වයන් නොවැම්බර් 27 වැනිදාට පෙර 0112-582 046 දුරකථන අංකය හෝ legal@labourmin.gov.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ සහභාගීත්වය තහවුරු කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි.

නව කම්කරු නීති කෙටුම්පත් [https://labourmin.gov.lk/en/special-notices](https://labourmin.gov.lk/en/special-notices) යන සබැඳිය ඔස්සේ හෝ දැන්වීමේ ඇති QR කේතය මගින් බාගත කරගත හැකිය.