වැව් ඉස්මත්තකින් මතු උන උණ්ඩ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 10, 2023 01:57 AM GMT
Report

කුරුණෑගල කුඹුක්ගැටේ කිඹුල්වානා ඔය ඉස්මත්තෙන් උණ්ඩ හමු වී තිබෙනවා.

ඒ විවිධ වර්ගවලට අයත් උණ්ඩ 108ක් සහිත මල්ලක් බව කුඹුක්ගැටේ පොලිසිය සඳහන් කළේ ය.

ඒ ටී-56 වර්ගයේ උණ්ඩ අසූ තුනක් , එම් 16 වර්ගයේ උණ්ඩ 29 එම්.පි.එම්.ජී උණ්ඩ 16ක් එහි තිබී ඇත.

මෙම උන්ඩ තොගය මෙම ස්ථානයේ දමා ගිය පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර කුඹුක්ගැටේ පොලිස්සිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.