කුරක්කන් වල ඔබ නොදත් විශ්මිත ගුණ.

Sri Lanka Ministry of Health Sri Lanka Healthy Food Recipes Sri lanka Food Recipes
By Wayomi Jun 29, 2022 06:13 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කුරහන් කියන්නේ ඉස්සර ඉඳලම අපේ රටේ පෝෂණීය ආහාරයක්. දැන් නම් මේවා ආහාරයට ගැනීම තරමක දුරට අඩුවෙලා. බොහෝ දුරට දියවැඩියාව, කොලෙස්ටරෝල් තියෙන අය විතරයි මේවා ආහාරයට ගන්නේ. ඉතින් කුරක්කන් මේ වන විට ලෙඩ්ඩුන්ගේ ආහාරයක් බවට පත්වෙලා. ඇත්තටම බැලුවොත් කුරක්කන් කියන්නේ ලොකු කුඩා කාටත් දෛනික ආහාර වේලකට එකතු කරගත යුතුම ආහාරයක්. මොකද ඒ තරමට පෝෂණ ගුණයෙන් අනුනයි.

කුරහන් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ කැලරි, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, පොස්පරස්,යකඩ, කැරොටීන්, තයමීන්,රයිබෝප්ලේවීන් නයිසීන් ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන අතර කුරහන් ධාන්‍ය පිටි කරගෙන කුරහන් තලප, රොටී, පිට්ටු, හැලප, ඉදිආප්ප,කැඳ වගේ එකී මෙකී නොකී ගොඩක් රසවත් ආහාර වර්ග හදන්න පුළුවන්.

කුරහන් මඟින් ලැබෙන විශ්මිත ගුණ

🌾 කුස ගින්න නිවාගන්න පුළුවන්.ගොඩක් වෙලා යනතුරු කුසගින්න පාලනය වෙනවා.

🌾 බර අඩු කරගන්න කුරක්කන් කියන්නේ වඩාත් යෝග්‍ය ආහාරයක්. විශේෂයෙන්ම සතියකට දවස් කිහිපයක් කුරක්කන් කැඳ බොන පුළුවන් නම් වටිනවා.

🌾 මේවායේ තන්තු බහුල නිසා මල බද්ධය සමනය කරයි.

🌾 කැල්සියම් යකඩ මගින් රුධිරය වර්ධනය කරයි. ලේ වඩයි.

🌾 ඔසප් චක්‍රය ක්‍රමවත් කරයි.

🌾 කොලෙස්ටරෝල් පාලනය කරයි.

🌾 බඩ පිපුම, ආමාශ ගත විෂ සිරුරෙන් ඉවත් කිරීමට ආමාශය පිරිසිදු කිරීමට මෙන්ම ආමාශ ගත පිළිකා තත්ත්වයන් අවම කිරීමටද කුරක්කන් යන ගුණදායකයි.

🌾 දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.

🌾 පිළිකා ඇතිවීම පාලනය කරයි.

🌾 මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කරයි.

🌾 කුරක්කන් වල අඩංගු විටමින්, ප්‍රෝටීන් ආදිය මගින් කිරි එරීම වර්ධනය කරන නිසා කිරි දෙන මව්වරුන්ට ගුණදායකයි.

🌾 මාංශ පේශි, අස්ථි ශක්තිමත් කරයි.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW