කොටිකාවත්ත සනස බැංකුව කඩා කෝටියකට අධික රන් භාණ්ඩ සොරා ගත් කුන්ජි අත්අඩංගුවට ගත් ප්‍රභල මෙහෙයුම....

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sithumi Oct 27, 2023 10:21 AM GMT
Report

කොටිකාවත්ත සනස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන " නාවල කුංජි" නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවල කුන්ජි නැමැත්තාට එරෙහිව 2021 වර්ෂයේ සිට මේ දක්වා දරුණු ගණයේ අපරාධ නඩු 13 ක් අධිකරණයේ විභාග වන බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුන්ජි නමැත්තාගෙන් අනියම් බිරිඳ ද වන බවත් ඇය සහ සෙසු සැකකරුවන් සොරබඩු බැහැර කිරීම යටතේ අත්අඩංගුවට ගත් අය බව පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ග්‍රෑම් 463 ක් බර රන්මාල වළලු මුදු කරාබු , රුපියල් හැත්තෑ පන්දහසක් වටිනා අත් ඔරලෝසුවක් , ජල ප්‍රමාණය පිත්තල පහනක් රූපවාහිනී යන්ත්‍රයක් රයිස් කුකරයක් වන බව පොලිසිය පවසනවා.

2022 වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින කොටිකාවත්ත සනස බැංකුව අළුයම් කාලයේදී කඩා සේප්පුවේ බහා තිබූ ගනුදෙනුකරුවන් උගස් කරන ලද රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත නියෝග ලබාදී තිබුණා.

ඒ අනුව විමර්ශන පැවැත්වූ ඒකක 1 බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ කණ්ඩායමේ පොලිස් සැරයන් 38723 රංජිත් මහතා සණස බැංකුවේ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී රූප ලක්ෂණ අනුව පුද්ගලයෙකු හඳුනාගෙන එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහු ලියාපදිංචි අපරාධකරුවකු වන නාවල කුංජි නැමැත්තා බවට හඳුනා ගත් බව පොලිසිය පවසනවා

ඒ අනුව සැකකරු සොයා විමර්ශන සිදුකළ පොලිසිය ඔහු නාවල ලිපිනය හැර ගොස් මාතලේ, නෙල්ලි මලේ, කටුගස්තොට, මාලිගාවත්ත, දෙමටගොඩ, ගෑන්ඩ්පාස් ,කොටහේන හා මෝදර ආදී ප්‍රදේශවල සැරිසරන බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී මෝදර අලුත්මාවත ඉබ්බගේ වත්ත මංජු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුට අයත් නිවසක කුලී පදනම මත අනියම් බිරිඳ සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාලිගාවත්තේ නවුජි නමැත්තා සමඟ එක්ව කොටිකාවත්තේ සණස බැංකුව මෙන්ම, වැලිකඩ ,වැල්ලම්පිටිය හා කඳාන පොලිස් වසම් වල නිවාස පහක් ඇතුළු අනෙකුත් අපරාධ සිදු කළ බවට අනාවරණය කළ බව පොලිසිය පවසනවා.

සණස රන් සොරකමෙන් අනතුරුව සිය අනියම් බිරිඳ සමඟ කටුගස්තොට ලැගුම්හලකට ගොස් මාසයක් නැවතී සිටි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන මෝදර මංජුල නමැත්තා ගේ සහෝදරයා සහ තවත් පුද්ගලයන් දස දෙනෙකු පමණ ලවා සොරාගත් රන් ආභරණ මාතලේ කටුගස්තොට සහ කොළඹ ප්‍රදේශ වලට විකුණූ බව සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම රන් භාන්ඩ වලින් අඩක් පමණ මේ වන විට සොයා ගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි මෝදර දෙමටගොඩ පදිංචි සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි