විරෝධතාකරුවන්ට යතුරුපැදි කරුවන් පිරිසකගෙන් ප්‍රහාරයක්..(VIDEO)
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය 22වන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකය. ඒ අනුව ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ජනතා අරගලය තවදුරටත් පැවැත්වෙමින් තිබේ.
ඊයේ (29) රාත්‍රියේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකින් අරගල භූමියට විවිධ පිරිස් පැමිණ තිබුණි. ඒ අතර වෛද්‍ය සිසුන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් කාර්යමණ්ඩලය, තොරතුරු තාක්ෂණවේදීන් ඇතුළු පිරිසක් ද එක්විය. එමෙන්ම ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතා ඇතුළු මාධ්‍යවේදීන් අනුස්මරණය කිරීමේ වැඩසටහනක්ද ඊයේ රාත්‍රියේ පැවැත්වුණි.
ගාලු මුවදොර ජන අරගලයට සහාය දැක්වීම සඳහා ධාවන ශුරයන් පිරිසක් අද උදෑසන කළුතර සිට ගාලු මුවදොර දක්වා ධාවන තරගයක් ආරම්භ කර තිබුණි. මේ සඳහා දිවයින පුරා සිටින මළල ක්‍රීඩකයින් රැසක් එක්විය. එමෙන්ම මඩකලපුවේ සිට පැමිණි කානාත්වන් පිරිසක් ද ඊයේ අරගලයට එක්වුණි.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන මයිනාගෝගම විරෝධය ද තවදුරටත් පැවැත්වෙයි. මේ අතර ගාලු මුවදොර විරෝධතාවට සහාය පළකරමින් ප්‍රදේශ කිහිපයක ආරම්භ කළ ගෝඨාගෝගම ආදර්ශ ගම්මානවල ද ඊයේ රාත්‍රියෙත් විරෝධතා පැවැත්වුණි. එමෙන්ම ආණ්ඩුවට ඉවත්වන්නැයි බලකරමින් ප්‍රදේශ කිහිපයකම විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වුණි.
කුලියාපිටිය බරිගොඩ ප්‍රදේශයේදී ඊයේ (29) පස්වරුවේ ප්‍රදේශවාසීන් සහ ස්වාමීන් වහන්සේලා එක්ව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි. උද්ඝෝෂණයේ නිරත වූ පිරිසක් ආපසු කුලියාපිටිය නගරය බලා යමින් සිටියදී යකඩ පොලු රැගෙන යතුරු පැදි 2කින් පැමිණි සිව්දෙනෙකු විරෝධතාකරුවන්ට පහරදී තිබේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ දකුණු පාදයේ අස්ථි දෙකම බිඳී ශෛල්‍යකර්මයකටද ලක්කර තිබුණි. සිද්ධියට මුහුණදුන් පුද්ගලයෙක් සඳහන් කළේ
, "අපි යමින් සිටියේ. වේගෙන් ආපු යතුරුපැදියක හිටපු කෙනෙක් කිව්වා අන්න බයික් වගයක් එනවා ගහන්න කියයා. අපි අතුරුපාරටක හැරෙනවාත් එක්කම මගේ කොන්දට පොලු පහරක් වැදුණා. ඒත් එක්කම මම බයික් එකෙන් වැටුණා. එච්චරයි මතක."
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |