අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු, රයිස් ඇතුළු කෑම වල මිල ඉහලට - වෙනස් වූ මිල ගණන් මෙන්න..
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
සමස්ථ ලංකා ආපනශාලා හා අවන්හල්හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, සීනි මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල ද රුපියල් 5කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දමන බවය.
මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලූනු ඇතුළු භාණ්ඩවල මිල ඉහළයෑම හේතුවෙන් කැම පැකට් එකක මිල රුපියල් 20කින් සහ කොත්තු සහ ෆයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බවද ඔහු පවසයි.