පාතාල ක්‍රියාකරු කොට දයාගේ සිරුර කාමරයක ඇද පාමුලෙන් හමුවෙයි..!
Sri Lanka Police
Sri Lanka
Crime
By Sewvandhi
හිටපු පාතාල කල්ලි ක්‍රියාකාරිකයකු වූ එස්. දයානන්ද නොහොත් කොටදයා නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල වැටී තිබියදී අද සොයාගත් බව මහරගම පොලිසිය කියයි.
වයස අවුරුදු 55 ක් වූ ඔහු මීට දින කිහිපයකට ඉහත දී කිසියම් හෝ හේතුවකින් මියයන්නට ඇතැයි පොලිසිය සැක කරයි. මියගිය අයගේ ස්ථිර පදිංචිය මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයේ බව පොලීසිය කියයි.
ඔහු දෙමහල් නිවසේ උඩු මහලේ කාමරයක් කුලියට ගෙන තනිව ජීවත් ව සිටි බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම නිවස තුළින් අධික දුගඳක් හමන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.
ඔහු පරිහරණය කළ බව කියන ජංගම දුරකථනය සහ කන් රඳවනය ඇඳ යට තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත මළ සිරුර සොයා ගන්නා විට අධික දුර්ගන්ධයකින් පැවති බව පොලිසිය කියයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |