කාර්යය බහුල ඔබට විනාඩි පහෙන් රසම රස කොරියන් නූඩ්ල්ස්...

noodles Life style food Korean noodles cookingreceipe srilanka noodles
By Subodha Feb 18, 2022 04:37 AM GMT
Subodha

Subodha

in ආහාර
Report

නූඩ්ල්ස් කිවුවම කවුරුත් කන්න ආස කැමත් තමයි මේ නුඩ්ල්ස් කියන්නේ .

ඉතින් හැමදාම කන නුඩ්ල්ස් එපා වෙලාද ?.

උදේට, රෑට වගේම තේ බොන වෙලාවටත් වැඩි වෙලා නොගෙන විනාඩි පහෙන් මෙන්න මේ වගේ රසම රස කොරියන් නුඩ්ල්ස් එකක් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය -

⦁ නූඩ්ල්ස්

⦁ වතුර

⦁ බටර් තේ හැන්දක ප්‍රමාණයක්

⦁ පොල් තෙල්/එළවලු තෙල්

⦁ තලාගත් ඉගුරු

⦁ තලාගත් සුදුලූණු

⦁ කැලි මිරිස් තේ හැදි 1 1/2

⦁ තක්කාලි සෝස් තේ හැදි 1 1/2

⦁ සෝයා සෝස්

⦁ ලූණු කොල / ලීක්ස්

⦁ කැරට් 


සාදා ගන්නා ආකාරය -

⦁ මුලින්ම භාජනයක් ලිපේ තියා ගන්න.

පසුව එම භාජනයට වතුර හා ලුණු ( රස අනුව) දමා රත්වන තුරු තබා එයට නූඩ්ල්ස් දමා හොදින් තැම්බෙන තුරු තබන්න .

තම්බා ගත් නූඩ්ල්ස් වලට බටර් තේ හැන්දක් එක්කර ගන්න.

තම්බා ගත් නූඩ්ල්ස් ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයක් මද ගින්නේ ලිප තබන්න.

පසුව එයට ‌තෙල් එක්කර ගන්න පසුව තෙල් රත්වු පසුව තලාගත් සුදුලූණු හා තලාගත් ඉගුරු එක්කර ගන්න පසුව එයට කැලි මිරිස් තේ හැදි 1 1/2, තක්කාලි සෝස් තේ හැදි 1 1/2, සෝයා සෝස් ඒක්කර ගෙන හොදින් බැදගන්න

පසුව එයට තම්බගත් නූඩ්ල්ස් එක්කර හොදින් කලවම් කර ගන්න .

එයටම ලූණු කොල / ලීක්ස් කොල හා කැරට් එක්කර ටික වේලාවක් ලිපේ තබා හොදින් කලවම් කර ගන්න.

පසුව එය ලිපෙන් ඉවත් කර උණු උණුවෙම ඔබේ  ප්‍රිිිිිියයන්ට රසම රස කොරියන් නුඩ්ල්ස් පිලිගන්වන්න. 

විඩියෝව - ?M.R KITCHEN?




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


GalleryGalleryGalleryGalleryGallery