සැබෑ වූ කොරියන් සිහිනය..
Manusha Nanayakkara
South Korea
By krishani
කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු ඊයේ ( 28 ) රාත්‍රියේ දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇති අතර එම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 721 වන කණ්ඩායම වේ.
පසුගියදා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික නියෝජිත ලී චූ චුල් මහතා සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සිදුකළ සාකච්ඡාවේ දී මාස 6ක් තුළ ශ්‍රි ලාංකිකයින් 5800 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.