‘කොණ්ඩ රංජි’ වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩට

CID - Sri Lanka Police Crime Latest Headlines Sinhala news
By R.rishma Sep 09, 2026 09:39 AM GMT
Report

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පිහිටි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබේ.

අද (09) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති අතර, එහිදී සිදුකළ මූලික කටයුතුවලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ‘කොණ්ඩ රංජි’ මෙරටට පිටුවහල් කර ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු එම අපරාධ කොට්ඨාශය මගින් සිදුකිරීමට නියමිතය.