පාසල් සිසුවෙකු තවත් පුද්ගලයෙකුව තම රථයට යට කරයි - එම අවස්ථාවේ බිහිසුණු දර්ශන..(CCTV VIDEO)
බාලවයස්කරුවෙකු පැදවූ වෑන් රථයකට පුද්ලගයෙකු යටවී අනතුරට පත්වෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක පටිගත වී තිබුණි. එම අනතුර සිදුව තිබුණේ කොල්ලුපිටිය අල්විස් පෙදෙස ප්‍රදේශයේ ස්ථානයකදීය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ 60 හැවිරිදි පුද්ගලයා මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙක් පොලිස් භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙයි.
අනතුර සිදුකළ පාර්ශ්වය විසින් තුවාල ලැබූ පුද්ගලයාව ගෑස් පෝලිමක සිට ඇදවැටී ඇති බව පවසමින් ප්‍රථමයෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ බවද වාර්තා විය. අනතුරට පත් පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
ඔහුගේ ඥාතියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
"අපිට කිව්වේ ගෑස් පෝලිමක ඉඳලා වැටුණා කියලා. පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර කළ බිලක් පෙන්නලා අපෙන් රුපියල් දාහත්දහස් ගාණකුත් ගත්තා. පස්සේ අපි CCTV කැමරා පරීක්ෂා කිරීමේදී තමයි මේක ඒ අය කරපු අනතුරක් කියලා දැන ගත්තේ.
පස්සේ පොලීසිය මාර්ගයෙන් ඒ අයව හොයා ගත්තා. තාත්තවයි පුතාවයි දෙන්නවම අත්අඩංගුවට ගත්තා. පුතා තමයි රථය පදවලා තියෙන්නේ. ඒ ළමයට තාවකාලික රියදුරු බලපත්‍රයකුත් තිබුණා."
"හිස පිටුපස වැදිලා තිබුණේ. හිස්කබලේ පොඩි කොටසකුත් අයින් කරලා. තාම සිහිය නෑ."
(වීඩියෝ අයිතිය - අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |