සම සහ රහස් ප්‍රදේශ පැහැපත් කර නිරෝගී කරන මේ සබන් වර්ග දෙක ගෙදරදීම හදාගන්න.

By Wayomi Oct 21, 2022 11:01 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස් වල සබන් කෑල්ලක් ගන්න එකත් ලේසි නැහැනේ. මිල ගණන් අහස උසට. ඉතින් ඔන්න අද මේ කියන්න යන්නේ ගෙදරදීම හදාගන්න පුළුවන් ආරක්‍ෂිත ස්වාභාවික සබන් වර්ග 2ක් ගැනයි.

01. සමේ සිසිලස රැකගෙන පැහැපත් කර කුරුලෑ නැති කරන කොහොඹ සබන්


අවශ්‍ය ද්‍රව්‍ය

🧼 කස්තුරි කහ තේ හැඳි 1ක්

🧼 කොහොඹ ඉති 4ක කොළ

🧼 ග්ලිසරින් තේ හැඳි 2ක්

🧼 ඔලිව් තෙල් තේ හැඳි 1

🧼 ළදරු සබන් කැටයක්

🧼 වැස්ලින්

සාදාගන්න ආකාරය

🧼 මුලින්ම කොහොඹ කොල ඉති 4ක විතර කොළ ටික දාලා කොටා ගන්න.

🧼 වතුර එකතු කරන්න එපා. තෙත ගතිය මදි නම් සහ කොටා ගන්න අපහසුයි නම් විතරක් රෝස වතුර ටිකක් දාලා කොටා ගන්න.

🧼 ඕනි නම් බ්ලෙන්ඩර් එකේ කප් එක මේකට පාවිච්චි කරන්න පුලුවන්.

🧼 ළදරු සබන් කැටය ග්‍රේට් කර ගන්න.

🧼 ඇලුමිනියම් භාජයක් අරගෙන ග්‍රේට් කරපු සබන් ටික ඒකට දාගන්න.

🧼 කොටා ගත්ත කොහොඹ කොළ ටිකත් මේකටම දාගන්න.

🧼 කස්තුරි කහ තේ හැන්දක ප්‍රමාණයක් මේකට එකතු කරන්න.

🧼 ගිලිසරින් තේ හැඳි 2ක් මේකටම දාගන්න.

🧼 අන්තිමටම ඔලිව් තෙල් තේ හැන්දක් ඒකට දාගන්න.

🧼 දැන් මේ ටික ඩබල් බොයිල් කරන්න.

🧼 වෙනම ලොකු ඇලුමිනියම් භාජනයක් අරගෙන ඒකට වතුර දාලා ලිපේ තියලා රත් කර ගන්න.

🧼 රත් වෙද්දි සබන්, කොහොඹ කොළ දාපු භාජනය ඒ වතුර භාජනයෙන් තියන්න.

🧼 විනාඩි 5ක් වගේ යද්දි පොඩ්ඩක් දිය වෙනවා වගේ පේනවා.

🧼 මේක හොඳටම දිය වෙන්න විනාඩි 25ක් වගේ යනවා.

🧼 ඩබල් බොයිල් නොකරනවා නම්, මයික්‍රොවේව් අවන් එකක මිශ්‍රණය තත්පර 30ක් වගේ උපරිම උෂ්ණත්වයෙන් රත් කර ගන්න පුළුවන්.

🧼 සබන් කැටිති නැති වෙනකල් දිය වුණාට පස්සේ පොඩි ප්ලාස්ටික් කෝප්පයක් අරගන්න.

🧼 කෝප්පයේ ඇතුල් පැත්තේ වැස්ලින් හොඳට ග ගන්න. (වැස්ලින් ගාන්නේ සබන් කැටය හොඳින් ගලවා ගන්න පුළුවන් වෙන්න.)

🧼 හදාගත්ත මිශ්‍රණය ප්ලාස්ටික් කෝපයට දාගන්න. කෝප්පය අධි ශීතකරණයේ (ඩීෆිෂර්) පැයක් වගේ තියලා හෙමීට ගලවා ගන්න.


02. සම, අත් යට, ඉකිලි පැහැපත් ක්කරන අර්තාපල් සබන්


අවශ්‍ය ද්‍රව්‍ය

🧽 ලොකු අර්තාපල් ගෙඩියක්.

🧽 Soap base ටිකක්. මේ වෙනුවට ළදරු සබන් කැටයක් ගන්නත් පුළුවන්.

🧽 කෝමාරිකා ජෙල් පුරවා ගත් තේ හැඳි 1ක් හෝ ස්වාභාවික කෝමාරිකා මදය තේ හැඳි 2ක්

🧽 විටමින් E කරල් දෙකක් තුනක්

සාදාගන්න ආකාරය

🧽 කලින් කියලා දීපු විදියට සෝප් බේස් ටික හරි ග්‍රේට් කරපු සබන් කෑල්ල හරි ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න.

🧽 සබන් ටික/ soap base එක දිය වුණාට පස්සේ ඒකට විටමින් E කරල් සිදුරු කරලා දාගන්න.

🧽 අර්තාපල් අලය වතුර නොදා බ්ලෙන්ඩ් කරගෙන යුෂ වෙන් කර ගන්න.

🧽 ඒ යුෂ ටිකත් දිය වූ සබන් එකට දාගෙන කලවම් කරන්න.

🧽 කෝමාරිකා ජෙල්/කෝමාරිකා මදයත් දාලා හොඳින් කලවම් කර ගන්න.

🧽 පසුව ප්ලාස්ටික් කෝප්පයකට හෝ සිදුරු නැති සබන් පෙට්ටි පියනක වැස්ලින් ගාලා ඒ දියරය දාන්න.

🧽 අධි ශීතකරණයක (ඩීෆිෂර්) පැයක් තියලා සබන් කෑල්ල හෙමීට ගලවා ගන්න.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW