හැමදාම කන කොහාල වෙනුවට කොහිල මීට් බෝල්ස් මෙන්න..

Healthy Food Recipes
By Subodha Jun 17, 2022 11:25 AM GMT
Report

කොහිල අල සහ දලු ආහාරයට මෙන්ම ඖෂධ සඳහා යොදා ගනී. කොහිලවල ඇති ගුණ සහ ඖෂධීය වටිනාකම ගැන සලකන විට අප කාගේත් හිතට එන්නේ අර්ශස් රෝගයයි. ගැමියෝ ප්‍රකාශ කරන විදියට කොහිල මුලග්ගින්න හෙවත් අර්ශස්වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව විසින් ජනතාව තුළ තහවුරු කරන ලද්දකි.

අර්ශස් රෝගය ඇති පුද්ගලයා නිතරම ඉන්නේ නොරිස්සුම් ස්වාභාවයෙනි. එනිසා පුංචි දෙයකටත් කේන්ති ගනී. ඒ අනුව ඉක්මන් කේන්තිකාරයින්ට "කොහිල ටිකක් වැඩිපුර කෑවොත් හොඳයි" යනුවෙන් කියති. නමුත් ගෙඩක් දෙනෙක් කොහිල කෑමට අකමැතිය. නැතිනම් හැමදාම කොහිල එකම විදියට කාලා එපා වෙලාද? එහෙනම් වෙනස් විදියට කොහිල කමුද ? කොහිල මීට් බෝල්ස් නිර්මාශ කෑමක් නිසා මස් මාළු නොකන කෙනෙකුට වුණත් රස බලන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය  

  • කුඩාවට කපාගත් කොහිල අල 750g
  • රතුහාල් පිටි 300g
  • ගම්මිරිස් කුඩු
  • මිරිස් කුඩු
  • ලුණු රස අනුව
  • තෙල් මේස හැදි 2
  • සුදු ළූණු පේස්ට්  

සාදන ක්‍රමය

  • කොහිල අල හොදින් අඹරාගන්න. (කෑලි නොසිටින ලෙසට) අඹරාගත් මිශ්‍රණයට ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකතුකර නැවත අඹරාගන්න. සාදාගත් මිශ්‍රණයෙන් මීට් බෝල්ස් ප්‍රමාණයේ බෝල සාදා පැය භාගයක් පමණ හුමාලයෙන් තම්බා කෑමති ආකාරයකට රස බලන්න   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now