කොච්චි - මිරිස් අවුරුද්දකට වැඩිය කල් තියාගන්න හැටි.

Food Shortages Sri lanka Food Recipes
By Wayomi Sep 19, 2022 07:36 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මිරිස් වර්ග.. කොච්චි කියන්නේ සමහරුන්ට නම් ආගමක්. එතරම් පෙරේතයි ඒවාට. ඕනෑම කෑමකට කොච්චි දාලා කයි. හැබැයි ඉතින් මේ කොච්චි වැඩි කාලයක් තියාගන්න අමාරුයි. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බත් සතියක් විතර යනකොට මැලවෙනවා, කුණු වෙනවා. ඉතින් මේ කියන්න යන්නේ කොච්චි හෝ වේවා අවුරුද්දක් දෙකක් වුණත් තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.


අවශ්‍ය ද්‍රව්‍ය

🌶️කොච්චි හෝ මිරිස් අවශ්‍ය තරම්

🌶️ලුණු කුඩු

🌶️පිරිසිඳු ඔලිව් තෙල් හෝ පොල් තෙල්

🌶️හොඳින් වැහෙන වීදුරු බෝතල්


සකස් කරගන්න ආකාරය

🌶️ කොච්චි හෝ මිරිස් නැටි ඉවත් නොකරම පොඩි නොවන සේ හොඳින් සෝදා රෙදි කඩක් මත තබා වතුර සියල්ල වියලී යන තෙක් මද අව්වේ වේලාගන්න.

🌶️ තද අව්ව වැටෙන තැනක තියන්න එපා කොච්චි ඇකිලිලා කැත වෙනවා. කොච්චි ටික හොඳමට තෙත වේලෙනකන් කීප සැරයක් පිරිසිඳු අතින් එහා මෙහා කරලා වේලගන්න.

🌶️ කොච්චි කපාගන්න භාවිතා කරන පිහිය සහ ලෑල්ලත් හොඳට හෝදලා වියලිව ගන්න.

🌶️ ඔබට කල් තබා ගැනීමට අවශ්‍ය මාස කීපයක් පමණයි නම් බෝතල් ජීවානුහරණය කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. හොඳට සබන් දාලා හෝදලා ඉතා තද අව්වෙ වේල ගත්තම ඇති.

🌶️ අවුරුදු කීපයක් කල් තියාගන්න ඕනි නම් ඔබ ගන්නා වීදුරු බෝතල් හොඳින් සබන් යොදා සෝදා ජීවානුහරණය කරගන්න. (ලොකු භාජනේක යටට ඝන රෙදිකඩක් එලලා බෝතල් සහ මූඩි ඒ උඩින් තියලා වැහෙන්න වතුර දාලා විනාඩි 20ක් ලිපේ තියලා බෝතල් ටික තම්බ ගන්න ඕනි. බෝතල් අල්ලන අඬුව හෝ උපකරණෙත් එහෙමම තම්බ ගන්න ඕනි. බෝතල් ප්‍රවේශමෙන් එළියට අරන් වතුර වේලුනාම තමයි කොච්චි දාන්න ගන්න ඕනි. බය වෙන්න එපා බෝතල් වල අධික රස්නෙට වතුර හිඳෙනවා ඉක්මනට)

🌶️ වතුර හිඳුනු කොච්චි ටික දෙකට කපලා බෝතල් වල යට සිට පිරෙන තෙක් ලුණු තට්ටුවක් කොච්චි තට්ටුවක් ලෙස මාරුවෙන් මාරුවට බෝතලේ පිරෙන තෙක් දමා ගන්න. කට ලඟට සෙන්ටි මීටරයක් වගේ වෙනකන් දාගන්න.

🌶️ බෝතලය හොඳින් තට්ටු කරමින් හිස් තැන් නොසිටින සේ කොච්චි වැහෙන තෙක් තෙල් වලින් බෝතලය පුරවා ගන්න.

🌶️ බෝතලයේ කට තද නොවෙන තෙක් යන්තමින් වසා දින හයක් පදම් වීමට තැබිය යුතුයි. මේ කාලය තුල තද අව්ව වැටෙන වෙලාවට බෝතලය අව්වේ පැය කීපයක් කකාරවා ගැනීම සුදුසුයි නැතිනම් රස්නෙ වැදෙන ලෙස ලිප ගාව තියන්න.

🌶️ මුල් දින කීපයේ බෝතලය තුල බුබුලු දාන බව ඔබට පෙනේවි සුවඳ බැලූ විට සැර සුවඳක් ඒවි. ඒක ගණන් ගන්න එපා. තෙල් ප්‍රමාණය කොයි වෙලෙත් කොච්චි වැහෙන්න තියෙන්න ඕනි. අඩු වෙලා නම් ඒ අඩුව පුරවන්න.

🌶️ කට තද කරන්න එපා තෙල් උතුරලා යයි. ලාවට උඩින් වහලා තියන්න. දවස් පහක් වගේ වෙද්දි බුබුලු දැමීම නතර වෙලා කියලා ඔබට පෙනෙයි. දවස් හතක් විතර උනාම හොඳ තදට මූඩිය වහලා තෙත නැති තැනක අරන් තියන්න.

🌶️ මේකෙ තෙල් එක හරිම රසයි ෆ්‍රයිඩ් රයිස් කොත්තු එහෙම හදද්දි දාන්න පුළුවන්. පාවිච්චි කරද්දි සහ හදද්දි හැම තිස්සෙම වතුර ගැවෙන්න නැති වෙන්න වග බලාගන්න. වතුර ගෑවුණොත් ෆ්‍රිජ් එකේ දාන්න.

🌶️ ඔබ කැමති නම් තෙල් වෙනුවට විනාකිරි භාවිතා කරන්න පුළුවන්. - copied -  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW