විදුලිබිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

By Sewvandhi Jul 05, 2023 04:05 AM GMT
Report

කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ, ජූනි මාසයේ සිදුකළ විදුලි මිල සංශෝධනයේදී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60 ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55% මිල සහන සැලසීමට පියවර ගෙන ඇති බවයි.

ඔහු සඳහන් කළේ, ආගමික ස්ථාන සහ කර්මාන්ත අංශයටද එම මිල සංශෝධනයේදී සහන සැලසී ඇති බවය.

"අපිට පසුගිය වසරේ අගෝස්තු මාසයේ දීත් ඒ වගේම මේ වසරේ පෙබරවාරි මාසයේ දීත් විදුලිබිල දෙවතාවක් සංශෝධනය කරන්න සිද්ධවුණා. ජූලි මාසයේ 1 වනදා සිදුවුණ සංශෝධනයෙන් පසුව 5,995,765ක් පාරිභෝගිකයෝ ඉන්නවා ගෘහස්ත කාණ්ඩයේ ඒකක 0 - 30ත් අතර භාවිත කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව 1,744,448ක්. 0 -30 ත් අතර පාවිච්චි කරන තුනෙන් එකක් වන ගෘහස්ත කාණ්ඩයේ පිරිස් වෙනුවෙන් ජූලි මාසයේ 1 වනදා ඉඳලා සමස්ත විදුලිබිලෙන් 65%ක් විදුලිබිල අඩු කිරීමක් සිදුකරලා තියෙනවා. ඒකක 31 - 60ත් අතර භාවිත කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 18ක්. 47%ක විදුලිබිල අඩුවීමක් තියෙනවා. අපේ ඉන්න විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60න් ලක්ෂ 35කට ආසන්න වශයෙන් 55%ක විදුලිබිල අඩුකිරීමක් ජුලි 1 සිට ක්‍රියාත්මක වෙනවා."