වැඩ පහසු කරන kitchen tips.
kitchen එක කියන්නෙම හරිම කාර්යබහුල තැනක්. ඉතින් මේ කියන්න යන්නේ කාර්යබහුලත්වයෙන් පොඩ්ඩක් නිදහස් වෙන්න kitchen එකේදී ඔබේ වැඩ පහසු කරන පුංචි tips කිහිපයක් ගැනයි.
👩🍳 බිත්තර කටුවට පොල්තෙල් ටිකක් ගාලා තිබ්බම නරක නොවී කල් තියාගන්න පුළුවන්.
👩🍳 බිඳපු පොල් ගෙඩියක මුලින්ම හිල් තිබෙන පැත්ත ගන්න. මොකද එහි අංකුර හට ගන්න නිසා ඉක්මනින්ම නරක් වෙනවා.
👩🍳 බණ්ඩක්කා උයද්දී එහි සෙවල ගතිය නැති කර ගන්න නම් එයට ගොරකා කැබැල්ලක් එකතු කරන්න.
👩🍳 කිරි තේ වලට කරාබු නැටි දෙක තුනක් තලලා දැම්මොත් තේ එකේ රසය ගුණය වැඩි වෙනවා.
👩🍳 ඇස් වලින් කඳුළු ගලන්නේ නැතිව ළුණු සුද්ද කරන්න නම්, ළුණු ශීතකරණයේ තබා ගන්න.
👩🍳 දෙහි සහ අමු මිරිස් එක තැන තබන්න එපා. අමු මිරිස් ඉක්මනින් නරක් වෙනවා.
👩🍳 ශීතකරණයේ තැබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුර වල ටික වෙලාවක් තබන්න.
👩🍳 තැලුණු තක්කාලි ලුණු මිශ්‍ර ජලයේ දමා රැයක් තබන්න. එය යළි හොඳින් සවි වෙනවා.
👩🍳 බිත්තර ඔම්ලට් හදන විට එයට පාන් පිටි ටිකක් මිශ්‍ර කරන්න. ඔම්ලට් එක හොඳට පිපෙයි.
👩🍳 කේක් වල පිළී ගඳ නැතිවීමට, බිත්තර පිටි මිශ්‍රණයට එක් කිරීමට පෙර ගසාගත් බිත්තර වලට එසන්ස් ටිකක් එකතු කරන්න.
👩🍳 ඉතිරි වන පොල් බෑයේ ලුණු ගාලා ශිතකරණයෙන් තිබ්බම ටික දවසක් නරක නොවී තියාගන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |