උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි මෙන්න සිදුව ඇති දේ...

Sri Lanka Police Sri Lanka
By Subodha Apr 23, 2022 06:20 AM GMT
Report

හෙම්මාතගම ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු විසින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ නිවස වෙත ගමන් කරන මාර්ගය හරහා වැසි ජලය ගමන් කිරීමට කාණුවක් කැපීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් සැකකරු විසින් පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ 54 හැවිරිදි හෙම්මාතගම - දුම්බුළුවාව ප්‍රදේශයේ පදිංචිකරු හෙම්මාතගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි අයෙක් වන අතර, ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

join now