විශ්වවිද්‍යාල සිසුවියගේ ඝාතකයා‌ හමුවෙයි..(PHOTOS)

United States of America Crime
By Sewvandhi Mar 24, 2024 03:57 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වසර 40 ට අධික කාලයක් පුරා සිදුකළ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්ට ලිංගික අතවර කර පහර දී ඝාතනය කළ සැකකරු හඳුනාගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ජීවත් වූ 19 හැවිරිදි Barbara Tucker නම් විශ්වවිද්‍යාල ශීෂ්‍යාවට ලිංගික අතවර කර පහර දී ඝාතනය කර ඇත්තේ 1980 වසරේ ජනවාරි මස 15 වනදාය. ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි සැකකරු සොයා ගැනීම සඳහා ඇයගේ මරණ පරීක්ෂණයෙන් පසු ඇයගේ සිරුරේ තැවරී තිබූ ශුක්‍රාණු වල DNA පරීක්ෂණ සිදුකර තිබේ.

නිවැරදි සැකකරු සොයාගැනීමට අපහසුවීමත් සමග එම සිදුකළ පරීක්ෂණ වාර්තා 2000 වසරේ දී ඔරිගන් ප්‍රාන්ත පොලීසියේ අපරාධ පරීක්ෂණාගාරයේ විශ්ලේෂණය සඳහා යොමුකර තිබේ.

ඒ අනුව පොලීසියේ අපරාධ පරීක්ෂණාගාර විශ්ලේෂණයයෙන් හෙළි වී ඇත්තේ එම DNA දත්ත යම් පුද්ගලයෙකුගේ DNA දත්ත සමඟ සමාන වන බවට ය. පසුව අදාළ පුද්ගලයා පිළිබඳ තොරතුරු සෙවීම සඳහා පොලිස් පර්යේක්ෂකයින් යොදවා ඇත.

එහිදී එක් දිනක් සැකකරු හපමින් සිටි චුයින්ගම් එකක් පාරට විසි කර ඇති අතර පොලිස් පර්යේක්ෂකයෙකු විසින් එය රැගෙනවිත් පොලීසියේ අපරාධ පරීක්ෂණාගාරය වෙත තබා දී තිබේ. ඒ අනුව එම චුයින්ගම් එකේ තිබු ‌කෙළවලින් සිදුකළ DNA පරීක්ෂණ දත්ත Barbara Tucker ගේ සිරුරෙන් සොයාගත් ශුක්‍රාණු වල DNA දත්ත සමඟ නිවැරදිව සමාන වී ඇත.

මෙලෙස සැකකරු ලෙස හදුනාගෙන ඇත්තේ Robert Plympton නම් පුද්ගලයා ය. ඒ අනුව ඔහුව 2021 ජුනි 8 වනදා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ අනුව මේ වන විට 60 හැවිරිදි Robert Plympton පළමු මට්ටමේ මිනීමැරුම් චෝදනාවක් සහ දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා හතරක් සම්බන්ධයෙන් එරට අධිකරණයකින් පසුගිය දා වැරදිකරු ලෙස තීන්දු කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ සිය සේවාදායකයා වෙනුවෙන් ඇපෑලක් ඉදිරිපත් කරන බවය. ඒ අනුව එහි අවසන් තීන්දුව එළැඹෙන ජූනි මාසයේ දී ලබාදීමට නියමිතය.

සැකකාර ඝාතකයාගේ ඡායාරූපය සහ ඝාතනයට ලක් වූ Barbara Tucker ගේ ඡායාරූපය පහතින් දැක්වේ. 

(උපුටාගැනීමක්)

Gallery