පමාවී අකුරට ආ දරුවාට විදුහල්පති දුන් දඩුවම..

Kilinochchi Sri Lanka
By Sewvandhi Nov 02, 2022 01:43 PM GMT
Report

ළමා නිවාසයක සිට බස් රථයකින් පාසලට පැමිණෙන කිළිනොච්චියේ සිසුවෙකු පාසලට පැමිණීමට ප්‍රමාදවීම නිසා විදුහල්පතිවරයා පහරදීමෙන් තුවාල ලබා 31 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ කිළිනොච්චිය පාසලේ 8 වන පන්තියේ සිසුවකු වන අතර එම සිසුවාගේ දෙමව්පියන් හා ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට හා පොලීසියට පැමිණිලි කොට තිබේ. 

 පහරකෑමට ලක් වූ සිසුවාගේ පියා ප්‍රකාශ කළේ තම පවුලේ ඇති ආර්ථික අපහසුකම් නිසා දරුවාව බස් රථයකින් පාසලට යැවීමට නොහැකි නිසා ඔහුගේ පාසල් ගමන නතර කොට තිබියදී අසල වූ ළමා නිවාසයක පාලකවරයා විසින් තම පුතාට පාසල් යාම සඳහා ළමා නිවාසයේ බස් රථයේ අසුනක් ලබා දුන් බවය.

කෙසේ වෙතත් සිද්ධිය වු දිනයේදී බස් රථය විනාඩි කීපයක් ප්‍රමාද වී ඇති අතර උදෑසන රැස්වීම ආරම්භ කිරීමට පෙර සිසුවා පාසලට නොපැමිණි බව කියමින් විදුහල්පතිවරයා රැස්වීම පැවත්වෙන අතරවාරයේම සිසුවාට පහර දී ඇති බවය. විදුහල්පතිවරයාගේ පහරදීම නිසා සිසුවාගේ කම්මුල හිස හා හිසේ යටි කොටස තුවාල වී ඇති අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීමකි දිනසේන රතුගමගේ (දිවයින පුවත්පතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now