දහම් පාසල් සිසුවෙක් නිසා පාසල් සිසුවියක් 99න් බේරෙයි..කාමාතුරයෙක් සිසුවියක් කෑලෑවකට රැගෙන යද්දි සිදු වූ දේ(PHOTOS)

Sri Lanka Police Sri Lanka Accident
By Aruna Dec 19, 2022 12:06 AM GMT
Report

ශිෂ්‍යත්ව විභාගයට අවසන් වී නිවසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් කැලෑ පෙදෙසක දී මුදා හැර ගිය පුවතක් අඹන්පොල පෙදෙසින් වාර්තා වනවා.

ශිෂ්‍යත්ව විභාගය අවසන් ව ඇය තම යහලු යෙහෙලියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත.

එතැන් පටන් පයින් තම අමුණුගම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාදුනන අයකු නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරු පැදියට ගොඩ කරවාගෙන තිබේ.

නිවස අසලට ගිය එම යතුරු පැදිය නිවස පෙනි පෙනී වෙනත් මගකට හරවා ඇත. යතුරුපැදිකරු එම සිසුවියට පාසැල් උපකරණ ලබා දෙන බවට ප්‍රකාශ කර සිසුවිය සමග අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ ගමන් කර ඇත .

එහිදී සිසුවිය කෑ ගැසීමට උත්සාහ කළ විට කෑ ගැසුවහොත් ඇය මරණ බවට පවසා තිබේ.

මද දුරක් ගිය යතුරුපැදිකරු දහම් පාසල් ගොස් එමින් සිටි සිසුවකු දැක කැලෑ ප්‍රදේශයේ යතුරු පැදිය නතර කර සිසුවිය දමා පලා ගොස් ඇත.

දහම් පාසල් සිසුවා සහ මාර්ගයේ ගමන් ගත් කිහිප දෙදෙනකු සිසුවිය දැක එම ස්ථානයට ගොස් කරුණු විමසා ඇත.

එහිදී සිදුවීම දැනගත් ගම්මු පසුව එකතු වී දැරියගේ පියා එම ස්ථානයට කැඳවා බාරදී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery