ඉන්දියන් රසට KFC style එකට රස සෝයා recipe එකක්.

By Wayomi Jul 01, 2022 12:11 PM GMT
Report

ඉන්දියන් රසට KFC style එකට රස සෝයා recipe එකක් කියලා දෙන්නම් හදලා ඔයාලම රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

?  සෝයාමීට් කෝප්ප 1

? මිරිස් කුඩු තේ හැඳි 1

? කහ කුඩු තේ හැඳි 1/4

? මුදවපු කිරි මේස හැඳි 1

? ලුණු ටිකක්

? කඩලපිටි මේස හැඳි 2

? පාන්පිටි මේස හැඳි 2

? බිත්තර 2

? කූල් වතුර කෝප්ප 1 


සාදාගන්න ආකාරය

? උණුවතුරට සෝයාමීට් ටික දාලා තැම්බෙන්න තියලා වතුර මිරිකලා ගන්න.

? මේකට මිරිස් කුඩු, කහ කුඩු, ලුණු හා මුදවපු කිරි දාලා අනලා පැය කාලක් වහලා තියන්න.

? බිත්තර දෙක කඩලා වෙනම මිශ්‍ර කරගන්න.

? දැන් වෙනම බෝල් එකක කඩල පිටි හා පාන්පිටි මික්ස් කරගන්න.

? දැන් සෝයා ටික බිත්තර සාරු වල දවටලා පිටි මිශ්‍රණයේ තවරගන්න.

? බැටර් කරගත්ත සෝයා ටික කූල් වතුර වල බස්සලා ආපහු පිටි තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW