භූමිතෙල් මිල තුන් ගුණයකින් පමණ ඉහලට..?

Sri Lankan rupee Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 21, 2022 11:09 AM GMT
Report

මේ මාසය අවසන් වීමට පෙර භූමිතෙල් ලීටරයක මිල ඉහළ දැමීමට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ වන විට භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 87.00 ක මිලකටයි.

ඒ අනුව සෑම භූමිතෙල් ලීටරයකින් ම ඛනිජ තෙල් සංස්ථාව දළ වශයෙන් රුපියල් 283.00 පාඩුවක් ලබන බව අප සමග අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියා. මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය අනුව තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාවට එම අලාභය දරාගත නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

වැඩි වශයෙන් භූමි තෙල් භාවිතය සිදුවන්නේ අඩු ආදායම්ලාභීන් සහ ධීවර ප්‍රජාව අතර වන බැවින් ඔවුන් සඳහා සහනදායි මිලකට භූමිතෙල් අලෙවි කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම් පිළිබඳව දැන් බලශක්ති අමාත්‍යාංශයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමුවී ඇති බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව අඩු ආදායම්ලාභීන් සඳහා තෝරාගත් ඉන්ධනහල් සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධනහල් හරහා සහනදායි මිලට භූමිතෙල් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

විශේෂයෙන්ම වතු ප්‍රජාව සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් එම නිලධාරියා කියා සිටියා. එමෙන්ම ධීවර ප්‍රජාව සඳහා අදාළ ධීවර වරායන් හරහා සහනදායි මිලට භූමිතෙල් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙම ක්‍රියාව ක්‍රියාවලිය සඳහා පසුබිම සැකසීමෙන් අනතුරුව භූමිතෙල් මිල ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඒ අනුව බොහෝ විට භූමිතෙල් ලීටරයක මිල ආසන්න වශයෙන් රුපියල් 370.00 ක් දක්වා ඉහළ දමනු ඇති බවටයි ඔහුත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now