කොන්ඩේ වවාගන්න නම් කරන්නම ඕනි කෙරටින් සත්කාරය...

By Sithumini Nov 28, 2024 03:20 AM GMT
Report


ගෑනු ළමයින්ගේ කොණ්ඩය වර්ධනය වීම කියලා කියන්නේ එකින් එක්කෙනාට සාපේක්ෂ දෙයක්. කෙනෙක්ගේ කොන්ඩේ ඉක්මන්ට වැවෙනවා.

ඒ වගේම තව කෙනෙක්ගේ කොන්ඩේ වැවෙන්න කල් ගත වෙනවා. මේක ඉතින් සාපේක්ෂ දෙයක්.

උපතින්ම ගෙනාපු දේවල් අපි හැමෝටම පොදුයි. නමුත් අද වෙද්දි මේ දේවල් ලෝකේ තියන නවතම දේවල් නිසා උපතින් අපි මොනදේ ගෙනාවත් වෙනස් කරගන්න පුලුවන්.

ඔයාගෙත් කොණ්ඩේ වැවෙන්නේ ඉතාම අඩුවෙන් නම් ඔයාගේ කොණ්ඩය ඉතා හොදින් වවාගන්න පුලුවන් දෙයක් තමයි කෙරටින් සත්කාරය කියලා කියන්නේ.

එමගින් ඔයාගේ කොණ්ඩයට ඉතා හොද පෝෂණයක් ලැබෙනවා වගේම ඉතා ඉක්මනින් ඔයාගේ කොණ්ඩය වර්ධනය කරගන්නත් පුලුවන්.

මොකක්ද මේ කෙරටින් සත්කාරය කියලා කියන්නේ.

සාමාන්‍යෙන් ඩැමේජ් වුණු කොණ්ඩයක් නැවත යථා තත්වයට පත් කරමින් හොද පෝෂණයක් ලබා දීම සදහා කෙරටින් අඩංගු කරගනිමින් සිදුකරන සත්කාරයක්.

මෙය විවිධ සන්නාමයන් යටතේ තිබෙන අතර හොදම සන්නාමයක් තෝරගැනීම වැදගත්.

කෙරටින් සත්කාරයෙන් තියෙන ප්‍රයෝජන මොනවද?

  • හිස කෙස් අතර හිඩැස් බව දුරු වීම
  • හිසකෙස් කැඩී යාම අවම කිරීම
  • හිස කෙස්වලට හොද පෝශණයක් ලැබීම
  • හිස කෙස්වලට දිදුලන බවක් ලබා ගැනීම
  • හිස කෙස් වර්ධනයට උපකාරී වීම.