ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කැළණි කැම්පස් එකේ හිර වෙයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO/PHOTOS)

University of Kelaniya SL Protest Businessman Latest Headlines
By krishani Jan 14, 2024 11:37 AM GMT
Report

අද (14) දින ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කැලණිය විශ්වවිද්‍යාලය වෙත ගොස් තිබෙනවා.

ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කැළණි කැම්පස් එකේ හිර වෙයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO/PHOTOS) | Kelani University Protests Dudley Sirisena

එහිදී එම විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

එම විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා ඩඩ්ලි සිරිසේන එහි ගොස් තිබෙනවා.

ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කැළණි කැම්පස් එකේ හිර වෙයි.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO/PHOTOS) | Kelani University Protests Dudley Sirisena

මේ හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය තුළ උණුසුම් තත්ත්වයක් ද හට ගත් බව ගගන අප වාර්තාකරු සඳහන් කළේ ය.

මේ අතර ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සඳහන් කළේ මෙවැන්නකී,

උපුටා ගැනීම,

"කැලණිය සරසවියට පැමිණි ඩඩිලි සිරිසේනට සිසුන්ගේ විරෝධය??

ජනතාව හාමතේ සිටිද්දීී සහල් මාෆියාකරුවන් විශ්වවිද්‍යාලයට ගෙන්වාගෙන සිදුකරන දේශපාලන සංදර්ශනවලට සිසුන්ගේ විරෝධය..

ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි.කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී මහා පරිමාණයෙන් සහල් තොග ගබඩා තුළ සඟවාගෙන ජනතාව පීඩනයට පත් කළේ ඩඩ්ලි සිරිසේනලාය.සහල් මිල ඉහළ දැමීම මේ සහල් මාෆියාකරුවන් සිදු කළේ මාධ්‍ය සාකච්ඡා තුළින් මිල දැනුම් දෙමිනි. අවම වශයෙන් රජයටවත් මොවුන් පාලනය කළ නොහැකි විය.මෙරට පත්වන පත්වන ආණ්ඩුවල තීන්දු තීරණ ගැනීමට දේශපාලුවන් හා කරට අත දා⁣ගෙන අරමුදල් සම්පාදනය කරන්නේ මෙවන් මාෆියාකරුවන් විසිනි.2022 සහල් හිඟයක් ඇතිවන විට මෙම මාෆියාකරුවන්ගේ ගබඩා තුළ ඉදිරි වසර 04 කට ප්‍රමාණවත් සහල් තොග ගබඩා කර තිබිණි.මෙම සහල් ජනතාවගේ ආහාර අවශ්‍යතාව නොසලකා වැඩිපුරම ප්‍රමාණයක් යොදවන්නේ බීර නිශ්පාදනය කිරීමටය.ලාභය ගැන පමණක් සිතමින් ජන ජීවිත තුට්ටුවට ගණන් නොගන්නා මෙවන් මාෆියාකරුවන් විශ්වවිද්‍යාල තුළට වැද්දගත යුතු නැත. මේ මොහොතේත් සහල් මිල බරපතල ලෙස ඉහළ ⁣ගොස් තිබෙන්නේ දේශපාලුවන් මෙන් ම මෙම මාෆියාකරුවන්ගේ ද කෙරුවාව නිසාවෙනි.එහෙයින් ඩඩ්ලි සිරිසේන විශ්වවිද්‍යාල භූමියෙන් නෙරපා හැරීමට තරම් විරෝධයක් සිසුන් අතර මතුවීම ඉතා ස්වභාවික තත්ත්වයකි.ජනතාව බඩගින්නේ තබන මාෆියාකරුවන් ඔවුන්ට අදාළ තැන්වල මිස විශ්වවිද්‍යාල දේශකවරුන්ගේ මට්ටමට ඔසවා තැබිය නොයුතුය.එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියටම කරන බලවත් නින්දාවකි.

~මහා ශිෂ්‍ය සංගමය - කැලණිය විශ්වවිද්‍යාලය~

උපුටා ගැනීම අවසන්

වීඩියෝ දර්ශන පහතින්,



GalleryGallery