කැලණි ගඟේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
Floods In Sri Lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
Flood
By R.rishma
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අදාළ අනතුරු ඇඟවීම අගෝස්තු 5 වැනිදා පෙරවරු 11.30 දක්වා බලපැවැත්වේ.
එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, අතුරු මාර්ග භාවිත කරන රියදුරන් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.