අරගලයට සහය දුන් සුදු ජාතික තරුණියට එරෙහිව මෙරට රජයෙන් දැඩි තීරණයක් - ඇය සමාජ මාධ්‍යට එක් කල දේ මෙන්න..(PHOTOS)
Galle Face Protest
Sri Lanka
Department of Immigration & Emigration
By Sewvandhi
ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.
ඒ අනුව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි. ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක් යටතෙයි.
ඒ අනුව MED 002918 දරන ඇයගේ වෛද්‍ය හේතූන් මත නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අවලංගු කරන බව දැක්වෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම් දීම ඇයගේ සමාජ මාධ්‍ය පිටුවක පළ කර තිබුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |


