කෙහෙළිය රඹුක්වැල්ලට පාර්ලිමේන්තු එන්න බෑ කියයි..
Parliament of Sri Lanka
Keheliya Rambukwella
Department of Prisons Sri Lanka
By Aruna
අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.
පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි,බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ .
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින්නේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.
කෙසේවෙතත් ඊයේ දින පරිසර අමාත්‍ය ධුරයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලා අස්වුණා.