බාල බෙහෙත් ගනුදෙනු ගැන කෙහෙළියගේ කැබිනට් ගොනු වලින් හෙළි වූ දේ.

CID - Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Wayomi Jan 29, 2024 11:10 AM GMT
Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයට ගත් කැබිනට් සංදේශවල කිසිඳු කාර්ය සටහනක් ඇතුලත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් විසින් අදාල විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

බාල බෙහෙත් ගනුදෙනු ගැන කෙහෙළියගේ කැබිනට් ගොනු වලින් හෙළි වූ දේ. | Keheliya S Medicine Deal

ඔවුන් එලෙස 2022 මැයි 30, 2022 සැප්තැම්බර් 27, 2022 ඔක්තෝම්බර් 25 සහ 2022 දෙසැම්බර් 05 වැනිදා නමින් යුත් කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රැසක් සිය භාරයට ගෙන තිබුණා.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල මීට පෙර අවස්ථාවක අධිකරණයේ කැඳවනනු ලැබු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් සෞඛ්‍ය රාජ්‍ය අමාතංශයේ ඇති කැබිනට් සංදේශ අඩංගු ලිපි ගොනු රහස් පොලිසියට බාරදීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අමාත්‍යංශ ලේකම් සමන් රත්නායක මහතාට කළ නියෝගයකට අනුව අදාළ කැබිනට් සංදේශ රහස් පොලිසියට භාරදෙනු ලැබුවා.  

                                                                   Sponsored By Sarrita Jewellery

බාල බෙහෙත් ගනුදෙනු ගැන කෙහෙළියගේ කැබිනට් ගොනු වලින් හෙළි වූ දේ. | Keheliya S Medicine Deal