කෙහෙළිය රඹුක්වැල්ල විශ්වාසභංගය ජයගනී.
Parliament of Sri Lanka
Keheliya Rambukwella
Sri Lanka
Ministry of Health Sri Lanka
By Wayomi
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද(08) පවත්වනු ලැබුවා,
එහි ප්‍රතිඵල ලෙස විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් සහ එරෙහිව ඡන්ද 113ක් ද ලැබී තිබෙනවා.
ඒ, අනුව විශ්වාසභංග යෝජනාව සම්ම්මත වූයේ නැත.
මෙම විවාදය දින තුනක් පුරා පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවට ලක් කෙරුණා.
මේ වන විට දිගින් දිගටම රෝහල්වල රෝගීන් මිය යාම හා බාල ඖෂධ භාවිතය හා එන්නත් නිසා ඇතිවන ආසාත්මිකතාවන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගුණු ගැටලුකාරි තත්වයන් හේතුකොටගෙන සමගි ජන බලවේගය විසින් මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ආවා.
එමෙන්ම පසුගිය දිනවල ඖෂධ ආසාත්මිකතා නිසා මියගිය රෝගීන්ගේ ඥාාතීන්ද අද දවසේ මෙම විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කරන අයුරු දැක බලා ගැනීම සඳහා පාර්ලිමේන්තු ගැලරියට පැමිණි සිටි බවයි වාර්තා වන්නේ.