හැමෝම බලාසිටි කෙහෙළියගේ විශ්වාසභංගය ගැන තීරණය ගැන නවතම තොරතුර මෙන්න...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආවා. ඒ මේ වන විට සෞක්‍ය ක්ශේත්‍රයේ පවතින දැඩි අර්බුදකාරි තත්වය හේතුවෙන්.
පසුගිය දවසක මේ ගැන වෛද්‍ය විදායක කමිටුව විපක්ෂ නායකයින් සමග සකාච්චාවකදි ඖෂධ හිගය, ඖෂධ මිළ වැඩිවීම වෛද්‍යවරුන් රට හැරයාම වැනි ගැටලු ගණනාවක් පිළිබදව අවදාරණය කළා එහිදිවිපක්ෂය ඒ පිළිබදව වෛද්‍යවරුන්ටද ප්‍රකාශ කර තිබුණා.
මෙම විශ්වාස භංගය පිපිළිබඳ විවාදය සැප්තැම්බර් මස පළමු සතියේ පැවැත්වීමට තීරණය වී තිබේ අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.
ඒ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධාන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදි.
එහි දී සැප්තැම්බර් මස 05 වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ දින 03 සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයක් ලබාදීමට තීරණය වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
පසුගියදා රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ මේ පිළිබදව මල්ශාලා අරින්නට උත්සාහ කරන අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තමන් කටයුතු කරන බවයි.